මහනුවර සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10915ක්


මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (05)   පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 132ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 10,915 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නව ආසාදිතයින් 132 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහසය වන්නේ මැණික්හින්න 38, හසලක 24, කුණ්ඩසාලේ 16, ගඟඉහළකෝරළේ 15, පස්බාගේකෝරළේ 6, මහනුවර නගරය, දොළුව, පාතදුම්ර 5 බැගින්, ගඟවටකෝරළෙ හා මැදදුම්බර 4 බැගින්, උඩදුම්බර, ගම්පොල හා ගලහ, හාරිස්පත්තුව 2 බැගින්, උඩුනුවර හා ගලගෙදර 1 බැගිනි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles