මහනුවර ඉන්ධනහල් හතරක ඉන්ධන ගැටලුවක්


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේපැණිදෙනිය තොග ගබඩාවෙන්පෙට්‍රල් වෙනුවට ඩීසල් බව්සර් ඒවා එම ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල්ටැංකි වලට මුදා හැරීමෙන් එම ඉන්ධන පෙරවුම්හල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටි .

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්ෂේත්‍ර නිලධාරියකු පවසා සිටියේ මේ හේතුවෙන් ගම්පොළ, ගැටඹේ, ගන්නොරුව, මහයියාව සහ තැන්නේ කුඹුර ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් මෙම අකරතැබ්බයට මුහුණ දී ඇති බවයි .

මෙම ඉන්ධන පිරවුම්හල්වලින් රජයේ ආයතන සහ පොලිසියද ඉන්ධන ලබාගන්නා බැවින් පසුගිය හතර වැනිදා සිට රාජ්‍ය ආයතන සහ පොලීසියද දැඩි අපහසුතාවයකට පත්ව සිටි .

එම ඉන්ධන පිරවුම්හල් පහ මේ වන විට පෙට්‍රල් බෙදාහැරීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බවට දැන්වීම් පුවරු  ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රදර්ශනය කොට තිබෙන අයුරු දැකගත හැකිය.

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles