මහනුවර ආසාදිතයින් 6255ක් දක්වා ඉහළට


මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 124 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 10.00 වන විට 6255 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම නව ආසාදිතයින් 124 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දාහතර වන්නේ උඩදුම්බර 35, මහනුවර නගර සීමාව 27, වත්තේගම 16, මැණික්හින්න, කුණ්ඩසාලේ 9 බැගින්, කඩුගන්නාව 8, උඩුනුවර 5 ගලගෙදර 4, ගඟවටකොරළේ, ගම්පොල 3 බැගින්,  පූජාපිටිය 2, අකුරණ, හාරිස්පත්තුව,  පන්විල 1 ක් ලෙසිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තා වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවන්නේ මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ 902 කි. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 563 ක් ද කුණ්ඩසාලේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 482 ක්ද වාර්තාවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාවන ආසාදිත මරණ  සංඛ්‍යාව 77 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles