මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොවිඩ් රාජකාරීවලින් ඉවත් වෙයි


අද (17) දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

නීතිමය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.  එම සංගමයේ හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් ඉදිරි තීරණ දැනුම් දීමට නියමිතය.



Recommended Articles