මහ මැතිවරණයේදී ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල් ප්‍රකාශයට පත් කෙරේ


මහ මැතිවරණයට අදාළව එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල් සීමාවන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ හැකි වන්නේ කොළඹ දිස්ත්‍රික්යට වන අතර, එම මුදල රුපියල් 114ක් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාර්ස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එමෙන්ම  එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් අඩුම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වන්නේ වන්නි දිස්ත්‍රික්කය වන අතර, එම මුදල් රුපියල් 82ක් බවද හෙතෙම සඳහන් කළේය.



Recommended Articles