මහ මැතිවරණයේ ප්‍රචාරක වැය සීමා ප්‍රකාශයට පත්වේ


මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන්ට , ස්වාධීන කන්ඩායම් හා දේශපාලන පක්ෂවලට සිය  මැතිවරණ ප්‍රචාරක කටයුතු  වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම් සීමාවන්  මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරයි.

මැතිවරණ   කොට්ඨාස මට්ටමින් ප්‍රකාශයට පත්කර ඇති මෙම වියදම් සීමා අනුව එක්  අපේක්ෂකයෙකුට වැඩිම වියදමක් කළ හැක්කේ කොළඹ කොට්ඨාශයෙනි. 

එය රුපියල් 5,750 ,000 කි.අඩුම වියදම් සීමාව වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට වන අතර එය රුපියල් 1,673,243 කි. ස්වාධීන හෝ දේශපාලන පක්ෂයකට වැයකළ හැකි වැඩිම වියදම් සීමාව ඇත්තේ ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයට  වන අතර එය රුපියල් 81,735,055 කි.

අඩුම සීමාව වූ රුපියල් 9,913,964 වන්නි දිස්ත්‍රික්කයවෙනුවෙනි.

ජාතික ලැයිස්තු අපේක්ෂයෙකුට වැයකළ හැකි වැඩිම වියදම ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයට  වන  අතර එය රුපියල් 35,677 කි.එම අඩුම වියදම් සීමාව වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට  නියම කර තිබේ.එය රුපියල් 4,327 කි.

2023   අංක 03 දරන මැතිවරණ  වියදම් නියාමනය කිරීමේ  පනතේ විධිවිධාන ප්‍රකාරව මෙම වියදම් සීමා නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජේ.ඉඳුරුවගේ

 

 



Recommended Articles