මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ


මහ බැංකුව විසින් තම සේවකයන්ට වැඩි කළ සියයට 70ක වැටුප් වැඩිකිරිමේ තීරණය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එම කමිටුව විසින් සකස් කළ වාර්තාවේ නිර්දේශ වල මෙය දැක්වෙයි.

එම වාර්තාව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත් තම සියයට 70ක වැටුප් වැඩි කර ගැනීමෙන් සියයට 25ක් අඩු කර ගැනිමට මහ බැංකුව මේ වන විට තීරණය කර තිබේ.



Recommended Articles