මල්වට්ටියට වාර්තා ගත මිලක්


කරුවලගස්වැව ප්‍රාදේශීය  ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක (7,10,000/=) වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබේ.

එම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැව අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පිංකම් මාලාව සංවිධානයකර ඇත.

ඒ අනුව ඉකුත් 27 හා 28 දෙදින රාත්‍රී මෙම පිංකම් මාලාව පවත්වා ඇති අතර එහි අවසාන දිනය වූ 28 දා රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන (මල්වට්ටිය) මෙසේ වාර්තාගත මුදලකට වෙන්දේසි වූ බව විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැවේ අනුරුද්ධ හිමියෝ පැවසූහ.

මෙහිදී මල් බඳුන අවසානයට වෙන්දේසි වූ මුදල දක්වා ඔසවා තැබීමට ගම්වැසි තරුණයන් දෙදෙනෙකු එකවර රුපියල් එක්ලක්ෂ හැතෑදහසක මුදලක් ඊට පරිත්‍යාගකර ඇති අතර, ඒ අනුව ඔවුන් ලබාගත් අලංකාරවත් මල් බඳුන එහි සිටි සැදැහැවතුන්ගේ ද සාදුකාර මධ්‍ය යේ විහාරස්ථානයේ බුදු පිළිමවහන්සේ වෙත පූජාකර ඇත.



Recommended Articles