ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය මත තමන් මීළඟ ජනපතිවරණය සඳහා තරග කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"මම මේ කිසි දේකින පස්සට යන මිනිහෙක් නෙමෙයි. මොන කුමන්ත්‍රණ කළත් මම බය වෙන්නෙ නෑ. මම නීතියට ගරු කරනවා, අධිකරණයට හිස නමනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය කියවපු මිනිහෙක්. මට මේ මොන වද දුන්නත් මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන ඉදිරි ජනපතිවරණයට තරග කරන බව මම කියනවා."