මනූෂගේ සොහොයුරා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ලබන ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද(06දා) නියෝග කර තිබේ.

ෆින්ලන්තයේ රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 30ක මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා වන ඉරෝෂණ නානායක්කාර පසුගියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 



Recommended Articles