මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍යතාවක් ඇති බැවින් ඒ වෙනුවෙන් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් සඳහා ආසන 07 ලෑන්ඩ් ක_සර් ප්‍රාඩෝ රථ 227ක් ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි. ක්ෂේත්‍ර කටයුතු සදහා වාහන ගෙන්වීම මුදල් අමාත්‍යාංශය මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
මේ වනවිට කෘෂිකර්ම, වාරිමාර්ග, වනජීවී වැනි කේෂත්‍රවල කටයුතු සඳහා යොදාගන්නා වාහන අබලන් තත්ත්වයේ ඇති බවද, ඒවා ශ්‍රී ලංකාවේදී අලුත්වැඩියා කිරීම අසීරු බවද මුදල් අමාත්‍යාංශයේ අදහස වී ඇතැයි වාර්තා වෙයි. එසේම මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍ය බවද ඔවුන්ගේ අදහස වී ඇත. මේ අනුව වෙනදා මෙන් වාහන ගෙන්වීමට බලපත්‍රයක් මන්ත්‍රීවරුන්ට නොදී රජය විසින් මේ වාහන ගෙන්වා ඒවා මන්ත්‍රීවරුන්ට පාව්චිචි කිරීමට දී වසර 05 අවසානයේදී ඒ වනවිට ඇති තක්සේරු මුදලට මන්ත්‍රීවරුන්ටම ලබාගැනීමට හෝ රජය සතු කරගැනීමට යෝජනා වී ඇතැයිද පැවසේ. එසේම අවශ්‍ය නම් ගෙවීමේ ක්‍රමයක් හදුන්වාදීමටද අවධානය යොමුව තිබේ. මේ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලැබී ඇතැයිද වාර්තා වෙයි. මෙම වාහන පිරිවැය අතින් වාසිදායක ඒවා බවද මුදල් අමාත්‍යාංශයේ තීරණය වී ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට කතාබහ ඇති වී ඇති අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලැබුණු වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර යටතේ වාහන ගෙන්වීමේ අවස්ථාව මෙවරද ලබාදෙන ලෙස බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලක්ෂ 11ක් දක්වා වැඩි කළ යුතු බවටද ඇතැමෙකුගේ අදහස වී තිබේ. මේ සියලු කරුණු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපත්‍රයක් ලබා නොදී රජය මගින් වාහන ආනයනය කර, ඒවා ඔවුන්ගේ පාවිච්චියට ලබාදීමට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ. මෙහිදී මන්ත්‍රීවරුන් නොයෙක් වර්ගයේ වාහන ඉල්ලා ඇති අතර, එහිදී ණය වර නිකුත් කිරීමෙන් පසු මුදල් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට එකඟ වූ ටොයෝටා ලංකා සමාගමට මෙම අවස්ථාව ලබාදීමට තීරණය වී ඇති බවද දැනගන්නට ලැබේ. ඒ අනුව ලංකා බැංකුවෙන් සියයට 7.5 ක පොළියක් යටතේ වාහන ගෙන්වීම සඳහා වසර 5 ක කල්බදු පහසුකම් ලබා ගැනීමට යෝජනා වී තිබේ. එසේම මෙම වාහන ගෙන්වීමේදී කළ යුතු සියලු මූල්‍ය කටයුතු සහ බදු නිදහස් කර ගැනීමේ කටයුතු ආදිය සිදු කිරීමේ බලය භාණ්ඩාගාර ලේකම්වරයාට පවරා ඇතැයිද සඳහන් වෙයි.
මේ අතර මෙම වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් සිදු නොවීම සම්බන්ධයෙන් වාහන නිශ්පාදකයන්ගේ දේශීය නියෝජිතයන් පුදුමයට පත්ව සිටින බවද වාර්තාවෙයි. ආනයන සීමා කළ 2020 මාර්තු 17 වැනිදා සිට ගබඩා වල තමන්ගේ වාහන තබාගෙන මිලියන ගණන් ගාස්තු ගෙවමින් සිටින තම ආයතනවලට කිසිදු සහනයක් නොදී මෙවැනි තීරණ ගැනීම ගැන ඔවුන් ගේ අප්‍රසාදය පළවෙයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ක් පමණක් සිටියදී ප්‍රාඩෝ 227ක් ගෙන්වන්නේ ඇයිදැයි කිසිවෙකුත් පැහැදිලි කිරීම් කර නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ගෙන්වන මේ වාහනවලට අමතරව ගිලන්රථ 50ක්, වතුර බවුසර 50ක් සහ ඩබල්කැබ් 50ක්ද ගෙන්වීමට නියමිතය. මේ වනවිට වාහන ආනයනය නතර කර, අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම පවා සීමා කර ඇති අවස්ථාවක රටේ ඩොලර් හිඟය නිසා ණයවර නිකුත් කිරීම පවා දැඩි අර්බුදයක තිබෙන මොහොතක මන්ත්‍රීවරුන්ට මේ ආකාරයට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් වන යෝජනාවටපාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු මෙතෙක් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර නොමැති වීමද විශේෂත්වයකි.