මන්ත්‍රී අර්ච්චුනා පහරදුන් බව පවසා පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත වෙයි


යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පහරදුන් බවට පවසා පුද්ගලයන් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුලත් වී තිබේ.

මන්ත්‍රීවරයා විසින් වීඩියෝ කිරීමක් සිදු කිරීමේදී මෙම පහර කෑමට ලක්වූ පුද්ගලයන් ඔවුන්ව වීඩියෝ නොකරන ලෙස දැනුම්දීමක් කර ඇති අතර, එහිදී සිදු වූ බහින් බස්වීමකින් පසු  මෙලෙස මන්ත්‍රීවරයා විසින් පහර දී ඇති බවට වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.



Recommended Articles