මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 29,878ක්


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,878ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාත තුළින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවක් පවතින අතර ඊයේ (‍14) දින පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 131කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 112ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 07ක් ලෙසිනි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 16,061 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 8,072 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,745 දෙනෙකුද   ද වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් ඊයේ (‍14) දින නව මරණ සංඛ්‍යාව 04ක් වාර්තා වූ  අතර එම මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන්  වාර්තා වූහ.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 769ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 495 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 124 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 150 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles