මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 29,412ක්


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 149 ක් වාර්තාවිමත්  29,412 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 15,789 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,940 දෙනෙක් ද  මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,683 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් ඊයේ (10) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 149 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 120ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 20 ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 09 ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 749ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 480 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 122 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 147 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles