මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 18,000 ඉක්මවයි


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව අද (30) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 222 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  18,083 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles