මධ්‍යම පළාතේ කෝවිඩ් ආසාදිතයන් 25,000 ඉක්මවයි


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසිපන් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව අද (30) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 136 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  25,064 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 12,211කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,452 දෙනෙකුද  නුවරඑළියදිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,401දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් අද (30) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 136කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 54ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 60ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 22ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 430ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 109ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 134ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

මධ්‍යම පළාත තුළින් (30) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව මරණ සංඛ්‍යාව 07ක් වන අතර එම මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් 06 ක් හා  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 01ක් ලෙසින් ඒවා වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles