මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1740 දක්වා ඉහළට


මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 30 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1740 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 1076 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 538 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 126 දෙනෙකු ද වාර්තා වී ඇත.

අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 61 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 35 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 01 ක් ලෙසිනි. වාර්තාවී ඇති මරණ 06 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සියල්ල මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 289කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 227කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 25 කි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles