මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 834 ක්


මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අටසීය ඉක්මවා යාමත් මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පන්සියක් ඉක්මවා යාමත් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ අනුව මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (11 පෙරවරු 6.00 වන විට) 834 ක් දක්වා ඉහළ ගොස් ඇති බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 517 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 254 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 දෙනෙකුද වාර්තා වී ඇත.

දෙසැම්බර් 11 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 39 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 25 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11 ක් වශයෙනි. මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන්  03 ක් වාර්තා නොමැත.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සීමාවෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 131කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 117කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, රත්තතොට සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 11 කි.

මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ‍ක්‍රියාත්මක කො‍රෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක දෙසැම්බර් 11 දින දින වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 787 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දෙසැම්බර් 11 දින  පෙරවරු 6.00 වන විට රෝගීන් 61ක් ඇතුළත්කර ඇති අතර එදින සුවය ලබා පිටවූ සංඛ්‍යාව 09 දෙනෙකි

දුම්බර - එම්.ආර්. ප්‍රදිප්



Recommended Articles