මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 631 ක දක්වා ඉහළට


මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (07 පෙරවරු 6.00 වන විට) 631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 383 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 දෙනෙකුද වාර්තා වී ඇත. දෙසැම්බර් 07 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 05 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 04 ක් හා මාතලේ  දිස්ත්‍රික්කයෙන් 01ක් වශයෙනි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තාවී නොමැත.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණින් වාර්තා වේ. ඒ ආසාදිතයින් 94 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 82කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, ගලේවෙල සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 09 කි.

මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ‍ක්‍රියාත්මක කො‍රෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක දෙසැම්බර් 07 දින දින වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 599 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දෙසැම්බර් 07 දින  පෙරවරු 6.00 වන විට රෝගීන් 30ක් ඇතුළත්කර ඇති අතර එදින සුවය ලබා පිටවූ සංඛ්‍යාව 11 දෙනෙකි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles