මධ්‍යම පළාතෙන් කෝවිඩ් ආසාදිතින් 28,970ක්


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  28,970 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාත තුළින් ඊයේ (06) ගෙවුණු පැය   24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 21කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 18ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 03 ක් ලෙසිනි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 15,525කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,820 දෙනෙක් ද  මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,625 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් ඊයේ (06) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව මරණ සංඛ්‍යාව 12ක් වන අතර එම මරණ මහනුවර   දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles