මත්පැන් වැටලිමට ගිය ඕ.අයි.සී. ට පහර දිලා


මත්පැන් වැටලිමකට ගිය තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට  පිරිසක් විසින් පහර දී ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (03) රාත්‍රි මත්පැන් වැටලිමකට ගිය අවස්ථාවේදී මෙම පහර දිම සිදුව ඇති බවත්, තුවාල ලැබු පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

පහරදිම සම්බන්ධව සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව තලාව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

ඩබ්ලිව්.එල්.අනුර

 



Recommended Articles