බෝනොවන රෝග වලට හේතුව විකෘති ආහාර රටාවයි


මෙරට මරණ සංඛ්‍යාවෙන් 85 % ක් සිදුවන්නේ බෝ නොවන රෝගයකින්  බව මාතලේ  දිස්ත්‍රික් බෝ නොවන රෝග පාලන ඒකකය භාර වෛද්‍ය නිලධාරී සමාලා කෝට්⁣ටෙගොඩ මහත්මිය පවසයි. 

උඩවේරගම ඉසුරු ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධාන කර නිකොටුව ප්‍රජාශාලාවේදී පසුගියදා පැවති වෛද්‍ය සායනයේදී මේ බව පැවසූ වෛද්‍යවරිය බෝ නොවන රෝගීන් අතර    37 % ක් හෘද රෝගීන් වන අතර  25 % ක් 37 % ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවද පැවසුවාය. 
 
 මේ වනවිට බෝ නොවන රෝග පාලනය කළ නොහැකි මට්ටමට වැඩි වී ඇති අතර  සෞඛ්‍ය තත්ත්වය  කඩාවැටීම ගෘහය මෙන්ම රටේ ආර්ථිකය කඩා වැටීමටද හේතුවන බවත් පෙන්වා දුන් වෛද්‍යවරිය ආහාර රටාවේ විකෘතිතාව බෝ නොවන රෝගවලට හේතු වී ඇති බවද වෛද්‍යවරිය සඳහන් කරයි.

මේ වනවිට  සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති ලොකුම ප්‍රශ්නය බෝ නොවන රෝගීන් වැඩිවීමයි . වෛද්‍ය උපදෙස් ගෙන බෝ නොවන රෝග පාලනය කර ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ප්‍රජා ශාලා පවා රෝහල් බවට පත්කිරීමට සිදුවන බවද පෙන්වා දුන්නාය.


 
 



Recommended Articles