බෝංචි, අමු මිරිස් හා මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රු. 1000ක් දක්වා ඉහළට


ඇතැම් ප්‍රදේශවල බෝංචි, අමු මිරිස් හා මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් නවසීයත් රුපියල් දහසත් අතර මිලක් ගෙන තිබේ.

ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් හාරසීය දක්වාත් බිත්තරයක මිල රුපියල් 44 දක්වාත් කුකුළු මස්( දවසේ) කිලෝවක මිල රුපියල් 1400 දක්වාත් ඉහළ ගොස් ඇත.

කරවිල හා තුඹ කරවිල කිලෝවක සිල්ලර මිල  රුපියල් 600 දක්වා  ඉහළ ගොස් තිබෙන අතර  දඹල, මෑකරල්,වැටකොලු, නෝකෝල්, තක්කාලි, ලීක්ස්, වම්බටු හා බීට් කිලෝවක සිල්ලර මිල රුපියල් 400 ත් රුපියල් 450 ත් දක්වාත් ඉහළ ගොස් තිබේ.

පතෝල, රාබු,  කැරට්,බණ්ඩක්කා හා වට්ටක්කා කිලෝවක සිල්ලර මිල රුපියල් 300 ත් රුපියල් 350 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

ආර්ථික මධ්‍යස්ථානය තුළදී ඊයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 550 ක් විය. අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 700 ක්,  මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 800ක්, රතු ගෝවා කිලෝවක තොග මිල රුපියල් 550 ක් හා ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 ක් ලෙස අලෙවි වී ඇත.

මෙට අමතරව ඇතැම් ප්‍රදේශවල පොල්ගෙඩියක් රුපියල් 200 දක්වාත් සමාන්‍ය තත්ත්වයේ පොල් තෙල් බෝතලයක් රුපියල් 800 දක්වාත් ඉහළ ගොස් තිබෙන අතර ලොකුලූනු මිල ඉහළ යාමට සාපේක්ෂව රතු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 450 සිට රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles