බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 3 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන තුන ඉක්මවා තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව අද (23දා) පෙරවරුව වන විට පුද්ගලයන් 3 006 409ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබුණි.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයන් 147 745ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී තිබුණි. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතයි.

 



Recommended Articles