බුද්ධශාසන ඇමති සුනිල් සෙනෙවි CID යයි


තමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරෙකු විසින් සිංහරාජ වන පිවිසුමේ නීති විරෝධී මැණික් පතල් කැණීමක් සිදුකරන බවට ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍ය බව  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහතා සඳහන් කරයි.

 මේ නිසා සමාජ මාධ්‍යයෙහි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බවද ඇමතිවරයා පවසා   සිටියේය.

අදාළ ප්‍රචාරයන්හි සඳහන් වන අන්දමේ ව්‍යාපාරික මිතුරෙකු තමන්ට නොමැති බවත්  එක් අවස්ථාවකදී පමණක් එම පුද්ගලයා දුරින් දැක තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම අසත්‍ය ප්‍රචාරය නිසා රජයට, තමන්ට සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට බරපතළ හානියක්  සිදුව තිබෙන බවත් මේ නිසා අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඊයේ (08දා) අදාළ පැමිණිල්ල සිදු කළ බවත් ඔහු  පැවසීය.

 ගජ මිතුරෙකු යනු ළඟින්ම ආශ්‍රය කරන කෙනෙකු වුවත් එවැනි මිතුරුකමක් එම පුද්ගලයා  සමග නොමැති බවත්  හෙතෙම සඳහන් කළේය.

 

 



Recommended Articles