රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සහ ආර්ථික අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එමගින් රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ සලසා ගනු ලැබේ.
සමෘද්ධි ලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයන්ට හා රාජ්‍ය සේවකයන්ට 2022 වසර ආරම්භයේ රජය හඳුන්වා දුන් සහන පැකේජයට අවශ්‍ය වියදම් සඳහා ද මෙමගින් මුදල් වෙන්කිරීමට නියමිතය.