බිත්තර මිල පහළ ගියත් පහළ නොයන බිත්තර ආප්ප හා බිත්තර රොටී මිල


 

මේ වන විට බිත්තර මිල දැඩි ලෙස පහල බැස තිබුනද බිත්තර ආප්ප බිත්තර රෝටි මිල අඩු නොවිම පිලිබදව බොහෝ පිරිසක් දැඩි අප්‍රසාදය පලකර සිටිති.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම පිරිස් පවසනුයේ පසු ගිය දිනවල බිත්තරයක මිල රුපියල් 58ත් 60ත් අතර පවතින විටදි බිත්තර ආප්පයක් බිත්තර රෝටියක් රුපියල් 130ත් 140ත් දක්වා ඉහල ගිය බවත්ය.

එහෙත් මේ වන විට බිත්තරයක මිල රුපියල් 30ත් 32ත් දක්වා පහල බැස තිබුනද බිත්තර ආප්ප හා බිත්තර රෝටි මිල පෙර පරිදිම පවතින බවත් බිත්තර මිල ඉහල ගිය විට ක්ෂනික මිල ඉහල දැමු මෙම ආහාර බිත්තර මිල පහල ගිය විට එම ආහාර මිල පහල නොදැමිම දැඩි ගැටළුවක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.



Recommended Articles