ඉන්දීය සංචාරයකට එක්ව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (16දා) නවදිල්ලියේදී පැවැත්වීය.
මෙම හමුව සඳහා මුදල් අමාත්‍යවරයාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාද එක්විය
මෙහිදී ඉන්දීය ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීම සම්බන්ධයෙන් ඔහුට කෘතඥතාව ප්‍රකාශ කළේය.