බැඳුම්කර ගිවිසුම් කඩකල ආචාර්යවරු 35 ක් කොළඹ සරසවියට රු. කෝටි 16 ක පොලු තියලා


කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක්  මගින්  අනාවරණය කරයි.

වසර 01 සිට වසර 34 දක්වා කාලපරිච්ඡේදයක් ගතවී තිබුණත් එම මුදල්  ආපසු අයකර ගැනීමට විශ්ව ව්ද්‍යාලය අපොහොසත් වී ඇති බවද විගණනයෙන් පෙන්වා දී ඇත.

 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  නීති රීති රෙගුලාසි අනුව අදාළ ආචාර්යවරුන්ගෙන් මෙම  මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවට  විගණන කාර්යාලය මගින් විශ්ව විද්‍යාලය වෙත  නිර්දේශ ලබා දී තිබේ.

මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විශ්ව ව්ද්‍යාලයේ කළමනාකාරිත්වය  විසින් විගණනයට දැනුම් දී ඇත.

ජේ. ඉඳුරුවගේ



Recommended Articles