බ්‍රැන්ඩික්ස් පොකුර ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුරයි


බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.

එසේම මෙම තත්ත්වය යටතේ සෞඛ්‍යමය නීති ඇතුළත් ගැසට් නිවේදනයක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම ගැසට් නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නිකුත් කරන බවත් බහුතරයක් වූ නීතිගරුක පුද්ගලයන් අතර සුළුතරයක් වන නීති අනුගමනය නොකරන පිරිසක් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles