බස්නාහිරින් ඊයෙත් ආසාදිතයන් 1000ක්


බස්නාහිර පළාත තුළින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ (498), ගම්පහ (387) හා කලුතර (377) යන දිස්ත්‍රික්ක තුළින් ඊයේ දිනයේදීද ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී සමස්ත ආසාදිතයන් 1939ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයන් 42ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි. ඉතිරි ආසාදිතයන් දේශීයව හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාත හැරුණු විට සෙසු පළාත් තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 635 කි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය

අවුරුදු සමයෙන් පසුව වාර්තා වූ රෝගීන් ගණන 18992

සමස්ත රෝගීන් ගණන 117528

සුවය ලැබූ 100075

ජීවිතක්ෂයට පත්වූ 734

තවමත් ප්‍රතිකාර ලබන 16719

ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනය වන 8437



Recommended Articles