බස්නාහිර ආසාදිතයන් 1000 ඉක්මවයි


ඊයේ දිනයේදී පමණක් බස්නාහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ (529), කලුතර (264), ගම්පහ (232) යන බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාසිතයන් සංඛ්‍යාව 1923කි. මේ අතරින් 09ක් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.

ඉතිරි ආසාදිතයන් 1914 දෙනා ශ්‍රී ලංකාව තුළින වාර්තා වී තිබේ. බස්නාහි පළාතේ දිස්ත්‍රික්ක තුන හැරුණු විට ඉතිරි දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 888ක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය කෙටියෙන්

සමස්ත කොවිඩ් ආසාදිතයන් 113675

සුවය ලැබූ 98209

ප්‍රතිකාර ලබන 14757

ජීවිතක්ෂයට පත්වූ 709

ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනය වන 10981



Recommended Articles