හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ මගි ප්රවාහන පෞද්ගලික බස් රථයක් හැටන්හිදි මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළීමෙන් සිදුවූ අනතුරිකින් එම බස් රථයේ ගමන් කළ තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 46ක් දික්ඔය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි අවුරුදු 6ක පිරිමි දරුවෙක්, කාන්තාවක් හා තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
හැටන් මල්ලිඅප්පුව ප්ර දේශයේදි අද පෙරවරු 11ට පමණ මෙම අනතුර සිදුව තිබේ. බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් රථයේ පාලනය රියදුරුගෙන් මග හැරි ගොස් මෙම අනතුර සිදුව තිබේ.