බබ්බු එක්ක මේක කරන්න බෑ - අගමැති හරිනිට ව්‍යවස්ථාව ගැන ඕනී නම් කියලා දෙන්නම්


අගමැති හරිනි අමරසූරියට ව්‍යවස්ථාව ගැන දැන ගැනීමට අවශ්‍ය නම් තමා පැමිණ එය පැහැදිලි කර දීමට සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පන්නල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශයක් කළා. දැන් රනිල් වික්‍රමසිංහ කිව්වා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න තීරණයක් ගත්තා කියලා. ඒ කැබිනට් තීරණය බලනකොට ඒකට භාණ්ඩාගාරයෙන්වත්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේවත් අනුමැතිය ලබා ගෙන නෙවෙයි ඒ තීරණය අරන් තියෙන්නේ. ජනතාව නොමග යවන්න මැතිවරණ කාලයේ දුන්න බොරු පොරොන්දුවක්. මෙතුමිය කියන්නේ නිලධාරීන්ගේ අනුමැතිය ඕනී කියලා කැබිනට් මණ්ඩලය ක්‍රියා කරන්න. කොහෙන්ද ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ? ඇමති මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ. කොහේවත් නිලධාරියෙක් ගැන කියන්​නේ නෑ. ඔබතුමියට ව්‍යවස්ථාව ගැන දැන ගන්න ඕනී නම් කියන්න මම එන්නම්. නැතිනම් අපේ හිටපු අගමැතිතුමාට කියන්න. පළපුරුදු අය ඉන්න ඕනී. මේ බබ්බු එක්ක මේක කරන්න බෑ. ”



Recommended Articles