බන්ධනාගාරවල කොවිඩ් පැතිරිම වැලැක්විමට කොවිඩ් නිවාරණ කමිටුවක්


බන්ධනාගාර කිහිපයක් තුළ ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය තවදුරටත් පැතිරියාම වැළැක්විමට බන්ධනාගාර නිලධාරින් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කොවිඩ් නිවාරණ කමිටුවක් පත් කිරිමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුද්ලදෙණිය මහතා පැවසීය.

බන්ධනාගාර තුළ උද්ගතව තිබෙන ඒකි තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමට ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් ඔහු මේ බව පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක,බන්ධනාගාර නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ, බන්ධනාගාර කොමසාරිස් කේ.ඒ.ඒස් කොඩිතුවක්කු බන්ධනාගාර සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක හා වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන ජේලර් ප්‍රේමවංශ යන නිලධාරින් පස්දෙනා ඒම කමිටුවේ ප්‍රධාන සාමාජිකයින් බවද කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.



Recommended Articles