බදුල්ලේ දෛනික ආසාදිතයින් ඉහළට


බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , මහියංගණය හා හපුතලේ කොවිඩ් ආසාධිතයන්ගේ  විශාල ලෙස වැඩිවී ඇතිබව ඉකුත් දින 3 තූළ ලැබුණ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා අනුව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .

බදුල්ල -අම්පිටිය  කොවිඩ් මරණයක් සිදුවූ නිවසක් ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් 11 දෙනෙක්  අද හදුනාගෙන තිබේ

ඔවුන් සියළු දෙනා පවුලේ ඥාතීන් බවත් ,  දෙවන පෙළ ආශ්‍රිතයන් ද සොයා නිරෝධානයට ලක්කිරීම සදහා කටයුතු කරගෙන යන බවත් බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යාලය  පවසයි .

බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  ආසාධිතයන් 60 ක්  හමුවී තිබේ ඔවුන් අතර   කයිලගොඩ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 7 දෙනෙක්ද වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වාදෙති

මහියංගණය නගරයේ ඇගළුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයන් 157 දෙනෙක්ද , මහියංගණය මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් කොවිඩ් ආසාදිතයන් 87 දෙනෙක්ද  හමුවූ බව  මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය  පවසයි .

මේ අතර හාලිඇල පොලිසියේ නිළධාරින් 12 දෙනෙක්ද කොවිඩ් අසාධිතන් ලෙස හදුනාගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ .

හපුතලේ තේ වතු 3 කින් කොවිඩ් 19  ආසාදිත තරුණියන් 18 දෙනෙක්ද හදුනාගෙන තිබේ .

බදුල්ල බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවන් දෙදෙනෙක් ඇප මත මුදාහැරීමට පෙර සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාධිතයන බව තහවුරු වී තිබේ .තවත් කීපදෙනෙක්  පී.සී.ආර් පරික්ෂණ සදහා යොමුකර තිබිණ .

පාලිත ආරියවංශ 



Recommended Articles