බණ්ඩාරවෙල මුස්ලිම් පාසල්වලට අද නිවාඩු


දැනට ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හා දැඩි වර්ෂාව හේතුවෙන් ගුරු භවතුන්ට හා සිසුන්ට පාසල් වෙත පැමිණීමේ අපහසුතාවයක් ඇති බැවින්  මුස්ලිම් පාසල් සඳහා අද 27 නිවාඩු ලබාදෙන ලෙස මුස්ලිම් පාසල් විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය හිමිව ඇති බැවින් බණ්ඩාරවල අධ්‍යාපන කලාපයේ සියලුම මුස්ලිම් පාසල් සඳහා අද දින නිවාඩු ලබාදීමට තීරණය කළ බව බණ්ඩාරවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය 

එසේ නිවාඩු ලබා දුන් දිනය වෙනුවෙන් දෙසැම්බර් හත්වැනි  සෙනසුරාදා දින එම පාසල් පැවැත්වීමට නියමිතය. මුස්ලිම් පාසල් සඳහා නිවාඩු නිවාඩු ලබාදීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 13 වැනි දිනය.



Recommended Articles