පොහොර සහනාධාරය ඉල්ලා ගොවියෙකු බස් නැවතුම්පළක වහලයට නගියි


රජය පොරොන්දු වූ පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා මහවිලච්චිය ප්‍රදේශයේ ගොවියෙකු ⁣අද (30දා) මහවිලච්චිය -  පේමඩුව බස් නැවතුම්පොළක වහලයක් මතට නැග විරෝධතාවයක නිරත විය.

මෙසේ විරෝධතාවයක යෙදී සිටියේ විලච්චිය පේමඩුව ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවල නිරතව සිටින  ආර් . අනුර බණ්ඩාර මහතාය.

කන්න රැස්වීමේ තීන්දු තීරණ මත මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව වගාව ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පොහොර සහනාධාරය මෙම ප්‍රදේශවල ජනතාවට නිසියාකාරව මෙතෙක් ලැබී නැති බව ද එම ගොවි මහතා පවසයි .

මෙම පොහොර සානාධාරය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් මෙම විරෝධතාවය අත් නොහරින බවද පවසන මෙම ගොවි මහතා පවසයි.

 



Recommended Articles