පොහොය පෙනි පෙනී පන්සලේ කැපූ විදුලිය ඇමති චාමර යළි දෙයි


ඌව අමරපුර මහ නිකායික මූලස්ථාන විහාරස්ථානය වන බදුල්ල හිදගොඩ මහ තපෝධනාරාම විහාරස්ථානයේ විදුලිය වෙසක් පොහොය පෙනි පෙනි ලංකා විදුලි බල මංඩලයේ සේවකයන් විසින් විසන්ධි කිරිමත් සමඟ එම පුවත සැලවීමෙන් විහාරස්ථානයට  පැමිණි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් 70000ක මුදලක් ගෙවා කඩිනමින් විහාරස්ථානයට යළි විදුලිය පහසුකම් ලබා දුන් බව බදුල්ල හිදගොඩ මහ තපෝධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඇකිරියේ සීවලි හිමියෝ පැවැසූහ.

විහාරස්ථානයේ මාස කීපයක් තිස්සේ එකතු වූ  රුපියල් 90000කට ආසන්න හිග විදුලි බිල්පත් නොගෙවිම නිසා ඉකුත් (3) වන දින රාත්‍රි ලංකා විදුලි බල මංඩලයේ සේවකයන් පිරිසක් පැමිණ ඉහලින් ආ නියෝගයක් යැයි පවසා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර ගිය බවත් වෙසක් පොහොය නිමිත්තෙන් විදුලිය විසන්ධි නොකරන ලෙසත් වෙසක් පොහොය නිමවීමෙන් පසුව හිග විදුලි බිල්පත් ගෙවන බවට විදුලි බල මණඩලයේ සේවකයන්ට තමන් පොරොන්දු වූ බවද විහාරාධිපති ඇකිරියේ සීවලි හිමියන් සදහන් කළහ.

එය නොතකා ඉහළින් ආ නියෝගයක් යැයි පවසා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විහාරස්ථානයේ විදුලි බලය වෙසක් පොහොය පෙනි පෙනි විසන්ධි කළ බවත් උන් වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත් මෙම පුවත සැළවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පෙරේදා (4) පස්වරුවේ විහාරස්ථානය ට පැමිණ විහාරාධිපති හිමියන් බැහැ දැක වෙසක් පොහොයට  පෙර සිය ධන පරිත්‍යාගයෙන් රුපියල් 70000ක මුදලින් හිග විදුලි බිල්පත් ගෙවා ගෙවා විහාරස්ථානයට යළි විදුලිය පහසුකම් ලබා දීම වෙසක් පොහොය දින සිදු කර ගත් මහගු කුසල පුණ්‍ය කර්මයක් යැයි විහාරාධිපති ඇකිරියේ සීවලි හිමියන් වැඩිදුරටත් පවසා සිටියහ .



Recommended Articles