පොලීසියේ 47කට මාරු


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 47දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම හා පත්කිරීම් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24දෙනෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් 23දෙනෙකු සඳහා එම ස්ථාන මාරු කිරීම් සහ පත්කිරීම් සිදුකර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ 2024.07.22 දිනැති ලිපියේ සඳහන් අනුමැතිය පරිදි එම ස්ථාන මාරු කිරීම් සහ පත්කිරීම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් වහාම ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.

 



Recommended Articles