පොලීසියෙන් මධ්‍යම විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක්


මධ්‍යම විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටුවීමට කටයුතු කරන බවත්, ඒ හරහා අංශ 06ක් යටතේ විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අපි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේ යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයක්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයක්, මූල්‍ය හා වාණිජ අපරාධ අංශයක්, පරිගණක අපරාධ විමර්ශන අංශයක්, තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශනය හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයක්, අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේශන අංශයක් වශයෙන් අංශ 06ක් ක්‍රියාත්මක වෙනවා. 



Recommended Articles