පොලිස් නිලධාරීන් 17 දෙනෙකු පොලිස් සේවයෙන් පහ කළ හේතුව මෙන්න


පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කර වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු ස්ථීර වශයෙන් සේවයෙන් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකා ​පොලීසිය විදියට  පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් වශයෙන් අපි හඳුනාගැනීමක් සිදු කරන නිලධාරියන්ට විරුද්ධව අපි තදින් ක්‍රියාමාර්ග අරන් තිබෙනවා.  අපි බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා පොලිස් නිලධාරීන් අධීක්ෂණයකට ලක් කරනවා. ඒ අනුව මේ න විට අපි ස්ථීර වශයෙන් පොලිස් නිලධාරීන් 17 දෙනෙකු පොලිස් සේවයෙන් පහ කිරීමක් කරලා තියෙනවා. ”



Recommended Articles