පොල් විකුණා කොළඹ ගිහින් සමස්ත ලංකා ජය ලබයි


බිබිල නාගල පියරතන පාසලේ දරුවන් ඒක්ව පොල් විකුණා   කොළඹ යැවු සංගීත කණ්ඩායමක් සමස්ථ ලංකා  තෙවන ස්ථානයට පත්ව ජය ලැබු  බව විදුහල්පතිනි ටී.ඒම් රුවනි චන්ද්‍රිකා  ජයවර්ධන මහත්මිය පැවසීය.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන බිබිල නාගල පියරතන විදුහලේ දරුවන් මෙවර සංගීත අංශයේ "සබරගමුව සාන්තිකර්ම නිර්මාණ" අංශයෙන් කළාප,දිස්ත්‍රික් හා  පළාත් අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා  සමස්ථ ලංකා  තරගාවලියට තේරී පත්ව තිබේ.

මෙම පාසාලේ සංගීත කණ්ඩායමේ දරුවන්ට කොළඹ තරග සදහා  යෑමට ප්‍රවාහන ප හසුකම් ඇතුළු වියදම් සදහා  මුදල් නොමැති නිසා   පාසලේ සිටින දරුවන් 275 දෙනාම පොල් ගෙඩි දෙක බැගින් ගෙනවිත් ඒ්වා  විකුණා  ලබා ගත්  මුදල් සහ  රුපියල්  100ක ටිකට් පතක් අළෙවිකර  සොයාගත් මුදල් වැය කර කොලඹ ගිය දරුවන්  දිවයිනේ පාසල් අතර පැවති තරගාවලියේ  තුන්වන ස්ථානයට පත්ව ජය ලබා  තිබෙන බව විදුහල්පතිනිය කියයි.

මෙම පාසලේ දරුවන්ට සංගීත උපකරණ,ක්‍රීඩා  උපකරණ,නොමැති බවත් පවසන විදුහල්පතිනිය කියා  සිටියේ පාසලට අත්‍යවශ්‍ය උපකරණ තිබුනේ නම් මෙයට වඩා  ජයග්‍රහණ ගැනීමට දරුවන් උනන්දු වන බවයි.

 ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles