පොල් බෑය රු. 100ට 120ට යයි


නාගරික ප්‍රදේශ රැසක පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් තිබේ. ග්‍රාමීය ප්‍රදේශවලද පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 160 ඉක්මවු මිලකටයි.හබරාදුව නගරයේ සහා ඒ අශ්‍රිත ප්‍ර දේශවල මේ වනවිට පොල් ගෙඩියක මිල 180 ක් වේ. වෙළෙඳුන් පවසන්නේ ප්‍රමාණවත් පරිදි පොල් තොග නොලැබීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.

(ඩබ්ලිව්.එල්.අනුර )



Recommended Articles