පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇති කොලොනොස්කොපි යන්ත්‍ර දෙකම හා එන්ඩොස්කොපි පරික්ෂණ සිදු කරන ERCP යන්ත්‍ර 4න් 3ක් කැඩි යෑම නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අගනුවරින් පිට අක්මා සැත්කම් කරන සහ ඒ සඳහා විශේෂඥ පුහුණුව දෙන එකම රෝහල හා කොළඹින් පිට එන්ඩොස්කොපි පළමුව පටන් ගත් එකම රෝහල පේරාදෙණිය ශික්ෂණ රෝහල වුවත් මේ වන එම පරික්ෂනයක් සිදු කිරිමට නොහැකි තත්වයක් උදාවි ඇත.
මෙම කොලොනොස්කොපි යන්ත්‍ර මගින් මහා බඩවැලේ පිළිකා, ලේ ගැලීම් සහ වෙනත් විවිධාකාර රෝග සියල්ල විනිශ්චය කිරීම සඳහා භාවිත කරන උපකරණයක් වන අතර මෙම යන්ත්‍රයෙන් හැර වෙනත් ක්‍රමයකට මෙම රෝගාදි ප්‍රශ්න සඳහා රෝග විනිශ්චයකට ඒමට නොහැකි බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙම යන්ත්‍ර භාවිත කිරිමට හැකි තත්වයේ තිබියදී සතියකට රෝගින්ගේ කොලොනොස්කොපි 40 කට ආසන් ප්‍රමාණයක් සිදුකර ඇති අතර මෙම යන්ත්‍ර රෝහල තුළ ක්‍රියාත්මක කිරිමට නොහැකි තත්වය තුළ මහ බඩවැලේ පිළිකා කොමපමණ ප්‍රමාණයක් හසු නොවී වර්ධනය වි ඉන් රෝගීන් විශාල ප්‍රමාණයකගේ ජීවිත අනතුරට භාජන විමටද හැකියාවක් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසිය.
කොලොනොස්කොපි පරික්ෂණයක් පෞද්ගලික රෝහලකදි සිදුකරනවානම් ඒ සඳහා රුපියල් පනස්දාහක් (50000) පමණ වැයවන බවද රෝහල් ආරංචි මාර්ග පැවැසිය.
මේ වන විට මෙම තත්වයන් පාලනය කිරිම සඳහා මෙම පරික්ෂණ සිදුකිරිම සඳහා ඇති රෝගීන් මහනුවර ජාතික රෝහලට යැවිමට සිදුවි ඇති බවත් එමගින් රෝගින් හා එම රෝහලද පරික්ෂණ කිරිම සඳහා විශාල ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවි ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසිය.
එලෙසම අක්මා සැත්කම් සදහා එන්ඩොස්කොපි කිරීම සඳහා භාවිත කරන ERCP යන්ත්‍ර 4ක් රෝහල සතුව තිබුණත් මේ වන විට ඉන් 3ක් ම කැඩි ඇති බවද ERCP පරික්ෂණයක් පෞද්ගලික රෝහල් වලදි කරනවානම් මුදලින් රුපියල් හාරලක්ෂ පනස්දාහක් (450000) පමණ වැය වන බවද රෝහල් ආරංචි මාර්ග පැවසිය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දි මින් පෙර එන්ඩොස්කොපි දිනකට 15 ක් පමණ කර ඇති අතර මේ වන විට දිනකට 3 ක් හෝ 4 ක් සිදුකිරිමට සිදුවි ඇති බවද දැනගන්නට ඇත.