පෙර පාසල් ගුරු මාසික දීමනාව පොසොන් මහේ සිට දෙගුණයක් වේ


කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ගුරු අභිමානි වැඩ සටහන යටතේ දිවයිනේ  පෙරපාසල් ගුරුවර ගුරුවරියන්ට  දැනට ගෙවනු ලබන රුපියල් 2500 මාසික  දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින්  වැඩි කෙරේ.

ඒ අනුව එම ගුරුවර ගුරුවරියන් වෙත   මෙම ජුනි  මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි  රුපියල් 5000 ක් බැගින් එම දීමනාව  ලබාදෙන  ලෙස  කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය විසින්  සියලුම දිස්ත්‍රික් හා  ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත 2024.06.19 දිනැති  චක්‍රලේඛයක් මගින් දන්වා  ඇත.

ජේ. ඉඳුරුවගේ



Recommended Articles