පෙබරවාරියේ අස්වැසුම මුදල් අද බැංකුවට


අස්වැසුම  ප්‍රතිලාභීන්ගේ 2025 පෙබරවාරි මාසයට අදාළ මුදල අද දිනයේදි බැංකු ගත කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව ප්‍රතිලාභි පවුල් 17 ලක්ෂයකට අධික පවුල් ප්‍රමාණයක් වෙත අස්වැසුම දායක මුදල් ලෙස රුපියල් බිලියන 12.5 අද දිනයේදි බැංකු ගත කිරිමට නියමිතය.

මෙම මුදල් අද දිනයේ සිටම ප්‍රතිලාභින්ට සිය බැංකු ගිණුම් හරහා ලබා ගත හැකි බව එම මණ්ඩලය පවසයි. 



Recommended Articles