පෙට්‍රල් මිල පහළට ඔක්ටේන් 92 රුපියල් 40කින් ඔක්ටේන් 95 රුපියල් 30කින්


අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්හා ඔක්ටේන 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 510කි.

අනෙකුත් ඉන්ධන වල මිල ගණන් වෙනස් නොවේ.

එම ඉන්ධන මිල ගණන් පහත පරදි වෙයි.

ලංකා සුදු ඩීසල් රුපියල් 430

සුපිරි ඩීසල් රුපියල් 510 

ලංකා භූමිතෙල් රුපියල් 340

ලංකා කාර්මික භූමිතෙල් රුපියල් 464



Recommended Articles