පෙට්‍රල් ගැන අලුත්ම ආරංචිය මෙන්න


ඉන්දීය තෙල් සමාගමෙන් ඇණවුම් කර ඇති පෙට්‍රල් නෞකාව මේ මස 22-23 දින අතර ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් ඊට පෙර පෙට්‍රල් නෞකාවක් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් පවතින බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව මැලේසියානු රජයෙන් පෙට්‍රල් නෞකාවක් ලබාගැනීම වෙනවෙන් සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් තවත් එම නෞකාව මේ මස 10 දා අතර කාලයේදී ලබා ගැනීමට උපරිම වශයෙන් කටයතු කරමන් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව තවත් සමාගම් කිහිපයක් සමග පෙට්‍රල් නෞකාවක් ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දීය තෙල් සමාගමෙන් ඇණවුම් කළ පෙට්‍රල් නෞකාව එළැඹෙන 22-23 අතර ශ්‍රී ලංකාවට පැමිණීයමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.



Recommended Articles