පූර්ණ එන්නත්කරණය කළ සංචාරකයන්ට රට තුළ සංචාරයට අවස්ථාව


කොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ සංචාරකයන්ට පළමු දිනයේ සිදුකරණ කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය  පවසයි.

එම සංචාරකයන්ට දිවයිනේ ඕනෑම ප්‍ර දේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන අතර  නැවතත් සිය සංචාරයේ 7 වැනි දිනයේදී කොවිඩ් පරීක්ෂාවකට භාජනය විය යුතුය.

එසේම ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙරාතුව කොවිඩ් වෙනුවෙන් සෘණාත්මක පරීක්ෂාවකට ලක්ව තිබිය යුතු බවද එම අධිකරිය පවසයි.



Recommended Articles